Tuesday, June 10, 2014

ජයලලිතාගේ පඹයා කොළඹ දී පුළුස්සයි





උතුරේ ජනමත විචාරයක් පැවැත්වීමට ජයලලිතා ජයරාම් කරන ඉල්ලීම හා උතුරු නැගෙනහිරට බලය බෙදන ලෙස ඉන්දියාව කරන බලපෑමට ‘ජාතික සංවිධාන එකමුතුව‘ කොල්ලුපිටියේ පිහිටි මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයය ඉදිරිපිට දී අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
උද්ඝෝෂණය අවසානයේ විරෝධතා කරුවෝ දකුණු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ පිළිරුවක් ගිනි තැබූහ.
දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියන්, ලක්මව දියණියෝ සංවිධානයේ ලේකම් ප්‍රියංකා කොතලාවල, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ද මීට එක්වූහ.

No comments:

Post a Comment