Wednesday, May 28, 2014

ආගමික පොලිසිය එපා







කොළඹ ධර්මපාලන මාවතේ බුද්ධ ශාසන අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටවූ පොලිස් ඒකකය ඉවත් කරන්නැයි ඉල්ලා රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහියෝ අද (28) පැදුරු ද රැගෙන එහි පැමිණ විරෝධතාවයක් ඇරැඹූහ.
ආගමික පොලිස් ඒකකය ඉවත් කරගන්නා තුරු අමාත්‍යංශයෙන් පිටත්ව නොයන බව හිමිවරු පැවසූහ.
පොලිස් ඒකකය සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට සඳහන් ලිපියක් අමාත්‍යංශ ලේකම් විසින් රාවණා බලයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියනට ලබා දෙනු ලැබීමෙන් පසුව පිරිස විසිර ගියහ.

No comments:

Post a Comment