- ශ්රී ලංකාව, කොටි ත‍්‍රස්තවාදය පරාජය කරනු ලැබීමට සමත් වූවද, එතැන් සිට මේ දක්වාම බෙදුම්වාදය හා ජාතිවාදය පරාජයට පත් කිරීමේ තීරණාත්මක දේශපාලන හා ව්‍යවස්ථාමය පියවර ගැනීමට අපොහොසත්ව සිටියි. එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති නව දෙමළ ඊළාම් මෙහෙයුම මනා ලෙස වටහා ගනිමින්, ශ‍්‍රී ලංකාවේ ඒකීයභාවය සනාථ කළ හැකි, බෙදුම්වාදය තීරණාත්මකව පැරදවිය හැකි, ජාතික සමගිය හා සංහිඳියාව තහවුරු කිරීමට සමත්, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් පුළුල් කරන සහ යහපාලනය තහවුරු කරන ජනතා හිතවාදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක්, මහජනතාව හමුවට ඉදිරිපත් කළ යුතුය. එම කෙටුම්පත මනා ජනතා සංවාදයකින් අනතුරුව සුදුසු වෙනස්කම් සහිතව ශ‍්‍රී ලංකාවේ මූලික නීතිය බවට පත් කරනු පිණිස ඇවැසි පියවර ගතයුතු බව සහ මේ සඳහා මෑතකදී රට හමුවේ තබන ලද බෞද්ධ පුනර්ජීවන කමිටු නිර්දේශ යොදාගත යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවයට අභියෝග කරමින් සදාචාර විරෝධී ලෙස සහ ජාත්‍යන්තර සම්මතයන්ට විරුද්ධව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී සම්මත කළ ‘‘2014 ඇමෙරිකානු යෝජනාවලිය’‘ මෙම ජාතික මහා සමුළුව දැඩි ලෙස හෙළා දකින අතර එම යෝජනාවලිය මගින් නියම කොට ඇති ජාත්‍යන්තර යුද අපරාධ විමර්ශන යාන්ත‍්‍රණය සඳහා පත් කරනු ලබන කිසිදු ජාත්‍යන්තර ඒජන්තවරයකුට ශ‍්‍රී ලංකා භූමියට පය ගැසීමට ඉඩ ලබා නොදිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට සහ නීති පද්ධතියට අනුව දැනට සිදු කෙරෙමින් පවතින පරීක්‍ෂණ සහ අනාගතයේදී ක‍්‍රියාත්මක කිරීමට දැනටමත් සැලසුම් කොට ඇති ජාතික සමගියට සහ ප‍්‍රතිසන්ධානයට අදාළ ක‍්‍රියාකාරකම් හැරුණු විට ජාත්‍යන්තර බලපෑම් මත කිසිදු විමර්ශනයක් හෝ පරීක්‍ෂණයක් ආරම්භ නොකළ යුතු බවට මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටින අතර එවැනි පරීක්‍ෂණයක් අවශ්‍ය බවට විවිධ දේශපාලන බලවේග විසින් ආණ්ඩුවට කරනු ලබන බලපෑම් දැඩි ලෙස හෙළා දකියි.
- ශ‍්‍රී ලංකාවේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව මත බලහත්කාරයෙන් පැටවූ බෙදුම්වාදී දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ක‍්‍රියාත්මක කිරීම හෝ තවදුරටත් සංශෝධනය කිරීම මත පදනම්ව කිසිදු පාර්ශ්වයක් සමග රජය නිල වශයෙන් සාකච්ඡ නොකළ යුතු බව සහ බලය බෙදීම හෝ ප‍්‍රතිසන්ධානය නාමයෙන් පහසුකම් සැලසීම හෝ සාකච්ඡ කිරීම සදහා දකුණු අප‍්‍රිකාව හෝ වෙනත් කිසිදු බාහිර රාජ්‍යයකට හෝ පාර්ශ්වයකට මැදිහත්වීමට ඉඩ ලබා නොදිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- ශ‍්‍රී ලංකාවේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් බෙදුම්වාදී මතවාද පතුරුවන, ඊට අදාළ රහසිගත සන්නද්ධ ක‍්‍රියාකාරකම්වල නියුක්ත වන සහ ශ‍්‍රී ලංකාවට සතුරු ජාත්‍යන්තර සංවිධාන සහ පාර්ශ්ව සමග ගනුදෙනු කරන සහ තොරතුරු ලබා දෙන සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ඇතුළු දේශපාලන පක්‍ෂ සහ රාජ්‍ය නොවන සංවිධානවල නායකයන්ට එරෙහිව තරාතිරම නොබලා රටේ නීතිය තදින් ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- ආගමික සහජීවනය හා ජනකොටස් අතර සමගියට එරෙහිව කටයුතු කරන විදෙස් ආධාර ලබන ආගමික ස්වරූපයේ මූලධර්මවාදී සැක කටයුතු සංවිධානවල ක‍්‍රියාකාරීත්වය නතර කිරීමට වහාම පියවර ගත යුතු බව සහ ආගමික සංහිඳියාවට හා ජනකොටස් අතර සමගියට එරෙහි වන කවර ස්වරූපයේ සංවිධානයක් සම්බන්ධව වුව නීතිය ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ක්‍ෂේත‍්‍රයේ ශ‍්‍රී ලංකාව අත්පත් කර ගෙන ඇති ජයග‍්‍රහණ තවදුරටත් ආරක්‍ෂා කර ගනිමින් රටේ මූල්‍ය සම්පත්වලින් සාධාරණ ප‍්‍රතිශතයක්, අලෙවි කළ හැකි පාරිභෝගික ද්‍රව්‍ය නිපදවීමේ කර්මාන්ත පද්ධතියක් ගොඩනැ`ගීම සඳහා ආයෝජනය කළ යුතු බව සහ ඒ සඳහා පෞද්ගලික අංශයද දායක කර ගැනීම සඳහා නිශ්චිතව හඳුනාගත් කර්මාන්ත ක්‍ෂේත‍්‍රවල විශේෂ දිරි ගැන්වීම් සහ මූල්‍ය උපාංග හඳුන්වාදිය යුතු බව සහ එම ක‍්‍රියාවලියේ පළමු පියවර ලෙස කිරිපිටි, සීනි සහ සහල්පිටි ආහාර නිෂ්පාදන කර්මාන්ත දියුණු කිරීම සඳහා එම ආහාරවලට විකල්ප ලෙස ආනයනය කරනු ලබන ආහාර අධෛර්යවත් කිරීමේ රාජ්‍ය ප‍්‍රතිපත්තියක් කඩිනමින් ක‍්‍රියාත්මක කළ යුතු බව මෙන්ම ජාතික වශයෙන් එම කර්මාන්ත දියුණු කිරීමේදී උතුරු සහ නැගනහිර පළාත් සඳහා ප‍්‍රමුඛතාව දිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- මහින්ද චින්තනය අනුව රාජ්‍ය ආයතන පද්ධතිය ආරක්‍ෂා කිරීම සඳහා මෙතෙක් ගනු ලැබ ඇති පියවර අගය කරන අතර මහින්ද චින්තන වැඩපිළිවෙළ ‘‘යළි පුබුදමු ශ‍්‍රී ලංකා’ දක්වා ඇදගෙන යාමේ සියලූ ප‍්‍රයත්න පරාජය කළ යුතු බව සහ එම ක‍්‍රියාවලියේ පළමු පියවර ලෙස බීජ පනත මගින් ගොවියාගේ බීජ අයිතිය බහුජාතික සමාගම් වෙත පැවරීම, බහුජාතික කිරිපිටි සහ පාන්පිටි සමාගම්වලට මෙන්ම සහල් ආනයනය කරන සමාගම්වලට බදු සහන ලබා දෙමින් දේශීය කෘෂිකර්මාන්තය දුර්වල කිරීම සහ කෘෂි රසායන ආනයන සමාගම්වලට සහන දෙමින් ගොවියා ආර්ථික සහ ශාරීරික වශයෙන් ලෙඩ කරන සහ පරිසරයට වින කරන නිලධාරීවාදී ආර්ථික ඝාතන පියවර ආපසු හැරවීම මගින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වහා පියවර ගත යුතු බව මෙන්ම බහුජාතික සමාගම්වලට ලබාදී ඇති සහන අත්හිටුවා එම අරමුදල් සියල්ල ගොවි ජනතාවට සෘජු සහනාධාර ලබාදීම සඳහා යෙදවිය යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- සදාචාරමය හා සංස්කෘතිකමය වශයෙන් සමාජයේ සිදුව ඇති පරිහානිය කෙරෙහි ගැඹුරු අවධානය යොමු කර ගෞරවනීය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සහ අන්‍ය ආගමික නායකයන් මෙන්ම මාධ්‍ය, අධ්‍යාපන ආදී අදාළ වන අනෙකුත් රාජ්‍ය ආයතන ඇතුළත් පුළුල් මණ්ඩලයක් පිහිටුවා එමගින් ලැබෙන නිර්දේශ ක‍්‍රියාවට නැගීමට කඩිනමින් පියවර ගතයුතු බව සහ ශ‍්‍රී ලංකාව තුළ තවදුරටත් කැසිනෝ වැනි මහා පරිමාණ සූදු, ඔන්ලයින් හෙවත් ඉලෙක්ට්‍රොනික සූදු සහ ඒ ආශ‍්‍රිත දුරාචාර ව්‍යාප්ත වීමට නොහැකි වන පරිදි අවශ්‍ය නීතිමය ප‍්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතර කැසිනෝ වැනි සූදු සහ දුරාචාර ඇතුළත් වන පරිදි කවර ආයෝජනයකටවත් බදු සහන ලබාදීම නොකළ යුතු බව මෙම ජාතික මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- චීනය සමග එළඹීමට යෝජිත නිදහස් ආර්ථික ගිවිසුම කඩිනමින් අත්සන් කළ යුතු බව සහ ඒ යටතේ ශ‍්‍රී ලාංකික නිෂ්පාදන සඳහා විවෘත වන චීන වෙළඳපොළ ජයගැනීමට සමත්, නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීම උදෙසා අඩු පොලී සහනදායී ණය ලබාදීම, හඳුනාගත් කර්මාන්ත සඳහා අධීක්‍ෂණය හා උපදේශනය ලබාදීම, බදු සහන ලබාදීම ඇතුළත් නව ව්‍යවසායක පරපුරක් බිහිකිරීමේ නව උපායමාර්ගික යෝජනාවලියක් රට හමුවේ තැබිය යුතු බව සහ එය වහාම ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- රටේ යහපාලනය තහවුරු කිරීම සහ දුෂණ වංචා අවම කිරීම මුල්කරගෙන, දේශපාලනඥයන් සහ උසස් රාජ්‍ය නිලධාරීන් සෘජුව මහජනයාට වගවීම සහ විනිවිදභාවයෙන් කටයුතු කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය නීති සහ පරිපාලන ක‍්‍රමවේද වහා ශක්තිමත් කළ යුතුය. ඊට අදාළව මහජන අදහස් සහ යෝජනා ලබාගැනීමට ලේකම් කාර්යාලයක් පිහිටුවිය යුතු බව සහ එම ක‍්‍රියාවලිය පිළිබඳව මහජන විශ්වාසය දිනාගැනීමේ පළමු පියවර ලෙස සියලූම මහජන නියෝජිතයන්ගේ සහ උසස් රාජ්‍ය නිලධාරීන්ගේ වත්කම් බැරකම් ප‍්‍රකාශ බාධාවකින් තොරව ඕනෑම අවස්ථාවක මහජනයාට ලබාගත හැකි ක‍්‍රමවේදයක් සකස් කළ යුතු බව මෙම මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
- මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඒ ආශ‍්‍රිතව පාතාල කණ්ඩායම් විසින් සිදු කරන මහා පරිමාණ අපරාධ මැඩලීම සඳහා පවතින නීතිමය රාමුව යටතේ පොලීසිය සහ යුද හමුදාව යොදාගනිමින් ඒකාබද්ධ කාර්යක්‍ෂම යාන්ත‍්‍රණයක් පිහිටුවිය යුතු බව සහ එම අපරාධ සඳහා වැරදිකරුවන් වන අයට එරෙහිව මරණ ද`ඩුවම ක‍්‍රියාත්මක කළ යුතු බව මෙම මහා සමුළුව ආණ්ඩුවට යෝජනා කර සිටියි.
Tuesday, June 10, 2014
ජාතික නිදහස් පෙරමුණ - ප‍්‍රතිසංස්කරණ යෝජනා
ජයලලිතාගේ පඹයා කොළඹ දී පුළුස්සයි
උතුරේ ජනමත විචාරයක් පැවැත්වීමට ජයලලිතා ජයරාම් කරන ඉල්ලීම හා උතුරු නැගෙනහිරට බලය බෙදන ලෙස ඉන්දියාව කරන බලපෑමට ‘ජාතික සංවිධාන එකමුතුව‘ කොල්ලුපිටියේ පිහිටි මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයය ඉදිරිපිට දී අද උද්ඝෝෂණයක් පැවැත්වීය.
උද්ඝෝෂණය අවසානයේ විරෝධතා කරුවෝ දකුණු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම්ගේ පිළිරුවක් ගිනි තැබූහ.
දේශප්‍රේමී භික්ෂු පෙරමුණේ ලේකම් බෙංගමුවේ නාලක හිමියන්, ලක්මව දියණියෝ සංවිධානයේ ලේකම් ප්‍රියංකා කොතලාවල, ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර ද මීට එක්වූහ.
Wednesday, May 28, 2014
ආගමික පොලිසිය එපා
කොළඹ ධර්මපාලන මාවතේ බුද්ධ ශාසන අමාත්‍යංශ පරිශ්‍රයේ පිහිටවූ පොලිස් ඒකකය ඉවත් කරන්නැයි ඉල්ලා රාවණා බලයේ භික්ෂූන් වහන්සේලා සහ ගිහියෝ අද (28) පැදුරු ද රැගෙන එහි පැමිණ විරෝධතාවයක් ඇරැඹූහ.
ආගමික පොලිස් ඒකකය ඉවත් කරගන්නා තුරු අමාත්‍යංශයෙන් පිටත්ව නොයන බව හිමිවරු පැවසූහ.
පොලිස් ඒකකය සම්බන්ධයෙන් පොලිස්පති එන් කේ ඉලංගකෝන් මහතා සමඟ සාකච්ඡාවක් ලබා දෙන බවට සඳහන් ලිපියක් අමාත්‍යංශ ලේකම් විසින් රාවණා බලයේ සභාපති ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියනට ලබා දෙනු ලැබීමෙන් පසුව පිරිස විසිර ගියහ.
Friday, May 9, 2014
Friday, February 21, 2014
ගල්බඩ සුනන්දාරාම පුරාණ විහාරය
ගල්බඩ ගම අප අසා තිබුණා නම් ඒ ගල්බඩ `ක්‍දාණිස්සර නාහිමියන් නිසාය. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපතීන් වහන්සේ උපන් ගම ගල්බඩයි. පොඩි කාලයේ උදේ හවා ඇවිද ගිය ගමයි. සුනන්දාරමය එගම පන්සලයි.
ගල්බඩ විහාරයේ ඉතිහාසය ආරම්භ වන්නේ මහනුවර යුගයෙනි. වැලිවිට ශ්‍රී සරණංකර සඟරාජ හිමියන්ගේ ශිෂ්‍යවරයකු වූ වේහැල්ලේ ධම්මදින්න හිමියන්ගේ ශිෂ්‍ය රන්සෑගොඩ කීර්ති ශ්‍රී තේජෝවර ධර්මදර්ශී හිමියන් ගල්බඩ විහාරය ආරම්භ කර තිබේ. නායිමන සුනන්ද හිමියන් 1862 විහාරාධිපතිත්වයට පත් වීමෙන් පසු විහාරය ‘සිරි සුනන්දාරාමය’ ලෙස නම් විය. උන්වහන්සේගෙන් පසු අපරැක්කේ සුමංගල හිමියන් ද, පසුව ශිෂ්‍ය වර පරවාහැර දේවානන්ද නාහිමියෝ ද විහාරාධිපතිත්වයට පත් වූහ.
සුනන්දාරාමය කලාගාරයක් කළේ උන්වහන්සේය. උන්වහන්සේගේ කලාත්මිකතාව යුග ගණනාවකට ඉතිරි කළ බව අපට හැෙඟ්. කැලණිය, දඹුල්ල, රිදී විහාරය ආදී විහාර සිතුවම් ලාංකීය සිතුවම් කලාවේ මුදුන් මල්කඩ වන් තැන් වෙයි. නමුත් ගල්බඩ සුනන්දාරාමයට පැමිණ බැලූවොත් එය ඊට දෙවැනි නොවේ.
ගල්බඩ සුනන්දාරාම විහාරාධිපති අපරැුක්කේ ධම්මානන්ද නායක හාමුදුරුවන් මම හමු වීමි.
‘කැලේට පායපු හඳක් වගේ නේද?’ ඒ වචන කීපය තුළ අර්ථය බොහෝ ගැඹුරු විය. වටිනාකම, සුන්දරත්වය දකින්නට, බලන්නට ඉන්නේ ගමේ උදවිය පමණකි. නියම වටිනාකම රටට ගොස් නැත.
විහාරය බොදු කලාගාරයක සිරි ගත්තේ කෙසේ ද යන්න මම පළමුව විමසීමි.‘පරවාහැර දේවානන්ද නායක හාමුදුරුවො 1946 අවුරුද්දෙදි විහාර කර්මාන්තයේ වැඩ ආරම්භ කළා. ඊට පෙර කුඩා විහාර මන්දිරය තිබුණා. එය නුවර යුගයට අයිතියි. තවමත් නුවර යුගයේ චිත‍්‍ර, සමාධි බුද්ධ ප‍්‍රතිමාව උසස් අයුරින් ආරක්‍ෂා වෙලා තියෙනවා. එම විහාර මන්දිරයත් ඇතුළත් කොට අලූත් විහාර මන්දිරයේ සැලසුම ඇන්දා නායක හැමුදුරුවන්ගේ අනුශාසනා මත වැලිගම සමාරිස් සිල්වා කියලා කෙනෙක්. ඒ අනුව තමයි මේ දර්ශනීය විහාර මන්දිරය ඉදි වුණේ. ගෘහ නිර්මාණ ශිල්පයේ වෙනස්ම පැතිකඩක් තමයි මේ. මෙවැනි විහාර මන්දිරයක් මා තවම දැකලා නෑ. වැලිතර පන්සලේ විහාර මන්දිරය මීට සමානකමක් තියෙනවා. හේතුව එකම ගෘහ නිර්මාණ ශිල්පියා වීම නිසා. ඇතුළෙ මාලයේ සිතුවම් ඇන්දෙ නුවරින් බාස් කෙනෙක් ඇවිත්. නව විහාර මන්දිරයේ බුද්ධ ප‍්‍රතිමාව සහ ආසනය, පසුබිම හරිම විශේෂයි. රන්සිවිගෙය, දම්සභා මණ්ඩපයේ වැඩ සිටින විදිහට තමයි ගොඩ නගලා තියෙන්නෙ. හරිම සියුම් චිත‍්‍ර කලාවකින් හැඩ වැඩ දමලා තියෙනවා. චන්ද්‍රරත්න මානවසිංහ මහත්තයාගෙ ඥාති පිරිසක් ගල්බඩ හිටියා. එයා ඉඳහිට මෙහෙ යනවා එනවා. දවසක් පන්සලට ඇවිත් අලූත් විහාර මන්දිරය පුරා ඇවිද්දා. එයා මෙතැන විශේෂත්වය දැක්කා. ඊට පස්සෙ දේවානන්ද නායක හාමුදුරුවො මුණ ගැහුණා.
”හාමුදුරුවනේ මේ විහාර මන්දිරයේ එක එක්කෙනා ලවා චිත‍්‍ර අන්දන්න එපා. මෙතන අඳින්න සුදුසුම කෙනෙක් ඉන්නවා. එයා ඉන්නෙ ගම්පොළ. ගිහින් කතා කරලා බලන්න. එයා ඇඳපු විහාරයකුත් තියෙනවා. එතනටත් ගිහින් බලන්න.
”ඒ අනුව ටික දවසකට පස්සෙ අප ගම්පොළ ගියා. අප මුලින්ම ගියේ චිත‍්‍ර ශිල්පියාගේ සිතුවම් තියෙන ගිරාඋල්ල පන්සලට. එදා රෑ දේවානන්ද නායක හාමුදුරුවොයි, මමයි ඒ පන්සලේ නැවතිලා ඉඳලා පසුවදා ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක චිත‍්‍ර ශිල්පියාගෙ ගෙදරට ගියා.”ගිරාඋල්ල පන්සලේ ලොකු හාමුදුරුවො එක්ක ආ නිසාත් දුර බැහැරක සිට හොයාගෙන ආ නිසාත් මානවසිංහ මහත්තයා මිත‍්‍රයෙක් නිසාත් බෑ කියන්නෙ කොහොම දැයි චිත‍්‍ර ශිල්පියා කිව්වා.
”ඒ අනුව 1957 අවුරුද්දෙදි චිත‍්‍ර කර්මාන්තය ආරම්භ කළා. චිත‍්‍ර ශිල්පියා ගම්පොළ ගොඩපොළ රාජකරුණා විජේසිංහ මහත්මා. විහාර ගෙයි සිතුවම් අඳින්න අවුරුදු පහක් ගත වුණා.”
ගල්බඩ සිරි සුනන්දාරාම විහාර මන්දිරයේ සිතුවම් අතර ලතා මණ්ඩප, මකර සෝපාන, ඇත් පෙරහර, දෙව් විමන්, බහිරව රූප, නාරිලතා, සිංහ, ගජ, හංස, මකර ආදී සත්ත්ව රූප, හංස පූට්ටු, භද්‍රගට, ගජසිංහ, නරසිංහ, නෙළුම් මල් ආදී පුෂ්පාලංකරණ, සප්ත නාරි පල්ලැක්කිය, නාරි රථය, ෂට්නාරි වළල්ල, චතුර්
නාරි ස්වස්තිකය, මුගුරු පොරය, කඩු හරඹ, මල්ලව ලී කෙළිය, නාරි පූට්ටුව, ලිය වැල්, බෝඩර, මුතු වැල්, සෝමන්, නෙළුම් මල් මෝස්තර ආදී බොහෝ සිතුවම් වෙයි.
ගල්බඩ ගමක් වශයෙන් ගත් කල ලංකාවේ පළමු ප‍්‍රාදේශීය ගම් උදාව ඇරඹුනේ මෙගමිනි. ඒ 1983 වර්ෂයේය. කොළඹ ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ක්‍දාණිස්සර නාහිමියන්ගේ අදහසකට අනුව අගමැති රණසිංහ පේ‍්‍රමදාස මැතිතුමා ගල්බොඩ ප‍්‍රාදේශීය ගම් උදාව ක‍්‍රියාවට නැංවීය.
ගල්බඩ `ඤාණිස්සර නායක ස්වාමීන් වහන්සේගේ (ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ) උපන් ගම ගල්බඩය. උන්වහන්සේගේ පැවිදි වීම පිළිබඳව ද අපරැක්කේ ධම්මානන්ද නාහිමියෝ විස්තර කළහ.
පරවාහැර දේවානන්ද නායක හිමියන් සහ එදා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන් කල්‍යාණ මිත‍්‍රයෝ වූහ. ඒ නිසා ඉඳහිට වාචිස්සර නාහිමියෝ ගල්බඩ සුනන්දාරාමයට වැඩම කළහ. විහාර ගෙයි උළු සෙවිලි කරන උත්සවයට දෙවුන්දර වාචිස්සර හිමියන් වැඩම කළ අවස්ථාවේ ගංගාරාමයේ පැවිදි කිරීමට කොල්ලෙක් සොයා දෙන ලෙස දේවානන්ද නාහිමියන්ගෙන් ඉල්ලීය. ඒ අනුව නායක හිමියෝ දරුවෙක් සොයා බැලූහ. ගල්බොඩ `ක්‍දාණිස්සර නාහිමියන්ගේ මාපියන් පන්සලට ගෙන්වා කාරණය කිවූහ. ඒ අනුව මාපිය කැමැත්ත මත කුල කුමරුවා කොළඹට කැඳවාගෙන ආවේය. එදා මේ ගමනට වත්මන් සුනන්දාරාම විහාරාධිපති අපරැක්කේ ධම්මානන්ද හිමියෝ ද ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ගේ පියා ද එක් වූහ.
ඉන් පසු කොළඹ ගංගාරාම විහාරාධිපති දෙවුන්දර වාචිස්සර නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නයක් ලෙස ගල්බඩ `ක්‍දාණිස්සර නමින් පොඩි හාමුදුරුවෝ පැවිදි බිමට එළඹියහ.උන්වහන්සේ ගල්බඩ සුනන්දාරාම විහාර දියුණුවට පුරෝගාමී වූ බව අපරැුක්කේ ධම්මානන්ද නාහිමියෝ අපට පැවසූහ. වතුර මෝටර් ලබා දීම, පරිගණක මධ්‍යස්ථානයක් ලබා දීම හා ටයිපින්, වෑල්ඩින්, ඩ‍්‍රයිවින්, විදුලි කාර්මික, ජුකී මැෂින්, මැහුම් ගෙතුම්වලින් සමන්විත අංග සම්පූර්ණ කාර්මික විද්‍යාලයක් ආරම්භ කර දීම මෙහිලා කැපී පෙනේ.
පරවාහැර දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ ගල්බඩ සිරි සුනන්දාරාම විහාරයේ පමණක් නොව තත් ග‍්‍රාම සංවර්ධනයේ ද නියමුවා වන්නේය.
උන්වහන්සේගේ දැක්ම, කලාත්මක හැකියාව ගල්බඩ සුනන්දාරාම විහාරයේ සිට ගම පුරා පැතිර ගියේය.
ලාංකීය බොදු සිතුවම් කලාවට විශිෂ්ඨ සන්ධිස්ථානයක් වන ගල්බඩ සුනන්දාරාම විහාරය චිත‍්‍ර කලාව, මූර්ති ශිල්පය හදාරන සෑම කෙනකුම පැමිණ දැක බලා ගත යුතු තැනක් හැටියට අපි විශ්වාස කරමු.
[උපුටා ගැනීම: ලංකාදීප]
Thursday, January 23, 2014
අනුහස් සපිරි ගැටබරු මහ දෙවොල
මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක් කෝරළයේ පිහිටි ඓතිහාසික ගැටබරු රජ මහ විහාරස්ථානයේ බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දේවාලයේ අතීතය වළගම්බා රජ සමය තෙක් දිව යයි. ‘‘රුහුණේ පුංචි කතරගම’’ යන විරුදාවලිය ලත් මේ දේවාලයේ බලගතුකම නොදන්නා කෙනකු දකුණු පළාතේ නොමැති තරම්ය.
ඒ තරමටම ගැටබරු දේවාලය ජනතාවට සමීප වී පවතී. නිවසක දානයක්, පිරිතක්, පිංකමක්, උත්සවයක් ආදී කිසියම් සුබ කටයුත්තක් පවත්වන්නේ ද ඊට පෙර ගැටබරු දේවාලය වෙත ගොස් පඬුරු ගැට ගසා බස්නාහිර රජ්ජුරු බණ්ඩාර දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගැනීම මොරවක් කෝරළේ ජනතාවගේ සාමාන්‍ය පුරුද්දකි.
එමෙන්ම කිසියම් සොරකමක්, මංකොල්ලයක්, අපහාසයක් ආදී ඕනෑම අකටයුත්තක දී ද, ජනතාවගේ පිහිටට සිටින්නේ එම දෙවියන්ය. පොලිසියට හෝ අධිකරණයට වඩා යුක්තිය පිළිබඳ සොයා බලා වැරැදි කළ වුන්ට නිසි දඬුවම් ලබා දීමට රජ්ජුරු බණ්ඩාර දෙවියන් ක‍්‍රියා කරන බව ඔවුන් තුළ විශාල විශ්වාසයක් පවතී.
හොඳට හා නරකට යන දෙකටම පිහිට වන මේ දෙවියන්ට ‘එවෙලේ දඬුවම් දෙන දෙවියන්’ ලෙසද ගම්මු හඳුන්වති. එතරම් විශාල බලයක් තිබෙන ගැටබරු දේවාලය ගාල්ල දෙනියාය ප‍්‍රධාන මාර්ගයේ කොටපොල කිලෝමීටර් 69ත් 70ත් අතර කොටසට ගිය විට වැඳපුදා ගත හැකිය.
මහා වංශයේ සඳහන් පරිදි වලගම්බා රජු සතුරු ආක‍්‍රමණිකයින්ගෙන් මිදීමට සැඟවී සිටි රුහුණේ කඳු ශිඛර මත ඉදි කළ ලෙන් විහාරයක් ලෙසද මෙම ස්ථානය හැඳින්වේ. ගැටබරුව සමගම රුවන්කන්ද, එළමල්දෙනිය, ඌරුමුත්ත හා සිත්තම්ගල්ලෙන ආදී සිද්ධස්ථාන ද එම යුගයේ බිහි වූ බවට ද විශ්වාසයක් පවතී.
කන්ද උඩරට රාජ වංශයේ බණ්ඩාර සම්භවයෙන් පැවත ආ බණ්ඩාරවරුන් ප‍්‍රාදේශීය උප රාජ්‍යයන් බවට පත් වීමේදී බස්නාහිර ඉසව්වේ ප‍්‍රදේශ රැුසකට අධිපතිව සිට මරණයෙන් පසු රජ්ජුරු බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇතැයි ද තවත් ජනප‍්‍රවාදයක සඳහන් වේ.
කෙසේ වෙතත් රජ්ජුරු බණ්ඩාර දෙවියන් අයුක්තියට අසාධාරණයට එරෙහිව යුක්තිය ඉටු කොට දඬුවම් ලබාදෙන දෙවියකු බව සියලූ දෙනා අතර ප‍්‍රකටය. තම ජීවිතයට සොර සතුරු බියක් නින්දා අපහාසයක් සිදු වෙයිද ඒ ඕනෑම දෙයකට පිහිට ලබා දෙන්නේ මේ දේවාලයෙනි. එම නිසා පලි ගැසීම, අවලාද කිරීම, වස් කවි කීම හා පොල් ගැසීම මෙම දේවාල භූමියේ අලූත් දෙයක් නොවේ.
දෙනියාය ප‍්‍රදේශය ආශ‍්‍රිතව ගව සොරකමක් වේද? නිවසක් සොරු බිඳින්නේද? බොහෝ අය ඒ ගැන පැමිණිලි කිරීමට පොලිසිය වෙත යාම වෙනුවට කරන්නේ දේවාලය වෙත පැමිණීමය. ඒ තරමටම රජ්ජුරු බණ්ඩාර දෙවියන් වැරැදිකරුවන්ට දෙන දඬුවම පිළිබඳ විශාල විශ්වාසයක් ජනතාව අතර පවතී. එබැවින් විශ්මිත හා හාස්කම් වලින් සපිරි මෙම පුණ්‍ය භූමිය ‘කිව්වොත් නොවරදින තැනක්’ ලෙස ද ප‍්‍රකටය.
දුකට මෙන්ම සැපතට ද සිටින ගැටබරු දේවාලය සොයා ගැනීම පිළිබඳව ද ඇත්තේ අපූරු කතන්දරයකි. ක‍්‍රිස්තු වර්ෂ 1834 දී කොටපොල, කෙසෙල් කොරටුවේ ගෙදර පදිංචිව සිටි එළියස් හාමි නමැති දඩයක්කරු සතුන් දඩයම් කිරීමට ගැටබරු කන්දට ගොස් ඇත. එවිට ඉදිරියට පැමිණි ගෝනෙක් ආපසු හැරී දුව ගොස් තිබෙන අතර ඌ නතර වී ඇත්තේ ගල් ලෙනකය. ඒ පසුපස දුවගිය දඩයක්කරුට දැකගත හැකි වූයේ ගල් ලෙනෙහි සිටින දහඅට රියන් බුදු පිළිම වහන්සේ නමයි.
එම සිද්ධිය ගම පුරා පැතිර යාමත් සමඟ මොරවක කොස්නිල්ගොඩ පදිංචි විදානපතිරණ කැටගොඩ උපාසක මහතා ගම්වාසීන්ගේ ද ආධාර උපකාර ඇතිව එම ස්ථානයේ තාවකාලික සංඝාවාසයක් ඉදි කර 1834 වසරේ දී හිමිනමක් එහි නතර කර ඇත. ඒ අනුව ගැටබරු රජ මහ විහාරස්ථ විහාරාධිපති පරම්පරාවේ ප‍්‍රථම විහාරාධිපති හිමියන් වන්නේ වීරසිංහ කන්දේ සුමංගල නාහිමියන් වහන්සේය.
ඉන් අනතුරුව 1953 වසරේ දී උඩ මළුවේ චාරිත‍්‍ර පූජෝත්සවය ලෙස ගැටබරු ඇසළ මහෝත්සවය ආරම්භ විය. අපවත් වූ රොටුඹ ශ්‍රී රතනපාල නාහිමියන්ගේ අනුශාසකත්වය මත සාම විනිසුරු එම්.ඞී. යාපා හා එවකට වරල්ල පොලිසියේ සේවය කළ මිරැුන්ඩෝ පෙරහර රාළහාමිගේ මෙහෙයවීම මත එම උත්සවය පවත්වා ඇත.
1956 වසරේ දී ප‍්‍රථම ගැටබරු පෙරහර වීථි සංචාරය වූ අතර අද වන විට මෙම පෙරහර මංගල්‍යය ජාතික මට්ටමේ ආගමික උත්සවයක් ලෙස රජය ප‍්‍රකාශයට පත් කර තිබේ. මෙම පූජා භූමියේ වර්තමාන දියුණුවේ පුරෝගාමියා ලෙස විහාරාධිපති දක්ෂිණ ලංකාවේ ද්විතීය සංඝනායක, ශාස්ත‍්‍රවේදී පණ්ඩිත බෙරලපනාතර චන්දවිමල නාහිමියන් කටයුතු කරයි.
උන්වහන්සේගේ මූලිකත්වයෙන් පහළ මළුවේ බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දියුණු කිරීම, උඩමළුවේ වැඩ හිඳිනා මාලිගය සංරක්ෂණය කිරීම, දක්ෂිණ දිසා වාහල්කඩ, පහළ බෝමළුව, රන් වියන සහිත ද්වාර මණ්ඩපය ඉදි කිරීම ආදී සංවර්ධන කාර්යයන් රැුසක් සිදු කර තිබේ. විශේෂයෙන්ම නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ගැටබරු රජමහ විහාරයේ කෘත්‍යාධිකාරි ආචාර්ය කිරින්දේ ආනන්ද නාහිමියන්ගෙන් ඒ සඳහා ලැබුණු සහයෝගය අපරිමිතය.
Subscribe to:
Comments (Atom)









