![]() |
| කැප්පෙටිපොල නිලමේ |
"මෙතෙක් ආ මඟ...වැරදි බැව් දැන් පසක් වී ඇති නිසා මා හට..
හැරී ආපසු මගේ දේශය..මගේ මිනිසුන් වැලඳ ගන්නෙමි..
ඉංගිරිසි කදවුරෙන් ගෙන ආ සියළු අවි ආපසු යවන්නෙමි...
කියව් මහ ඒජන්තයාටම මගේ වැසියන් සමඟ එන බව...
මගේ වැසියන් සමඟ එන බව...
මහ දිසාවේ ලෙසින් වූයේ රාජ සේවය පිණිස සිටියෙමි..
අදින් පසු මව් බිමේ නිදහස පතා ජීවිතයම පුදන්නෙමි..
රුදුරු කදිරට දෙපා මුල වැඳ වැටෙන නිවටෙකු නොවී කිසිදා..
රටට වින කළ සතුරු කැළ පිටුවහල් කෙරුමට යුධ වදින්නෙමි..
පුරුතුගීසී ලන්දේසී ඉංගිරිසි වෙසින් එන අන්තරා වලකා..
මුතුන් මිත්තන් එදා රැක දුන් යසස් අභිමන් නොහැර ලංකා..
යලි රකින්නේමි මව් කිරට ණය නොවී නොදී සංකා..
පුරමු ජය පැන් දිනා සටනින් උතුම් දළදා නමින් ලංකා
උතුම් දළදා නමින් ලංකා..."

No comments:
Post a Comment